විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධුරය දැරූ කාලය තුළ ජයලාල් මහතා තමාට අපහාස කරමින් අසත්‍ය ප්‍රකාශයක් කළ බවට චෝදනා කරමින්, ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළ රන්ජන් ජයලාල් මහතාට එරෙහිව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ගොනු කළ අපහාස නඩුවේ තීන්දුව ඊයේ (10) කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලද බව වාර්ථා වේ.
එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අධිකරණය තීන්දු කළ අතර පාඨලී චම්පික රණවක මහතාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස ජයලාල් මහතාට නියෝග කළේය.
සිකුරාදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් රණවක මහතා , “රංජන් ජයලාල් මහතා කොළඹ සිට කතරගම ලංවිම පරිපථ බංගලාවට රුපියල් 80,000 ක් වටිනා ඇඳක් ගෙන ආ බවට මට බොරු චෝදනාවක් එල්ල කළේය. අධිකරණය ඔවුන්ට රුපියල් මිලියනයක් ගෙවන ලෙස නියෝග කර ඇත, නමුත් මට මෙම මුදල් අවශ්‍ය නැත. ඒ වෙනුවට, ඔවුන්ගේ නායක අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන් විදුලිබල මණ්ඩල සේවකයින්ගෙන් වංචා කර කප්පම් ගත් මිලියන ගණනක් ආපසු ලබා දෙන ලෙසයි.” යැයි පැවසීය.
චම්පික රණවකට අපහාස කලා කියා රංජන් ජයලාල්ගෙන් මිලියනයක් වන්දියක්.
By