හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති වරප්‍රසාද අවලංගු කිරීමේ පනත් කෙටුම්පත මෑතකදී පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීමෙන් පසු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කොළඹ නිදහස් මාවතේ පිහිටි ඇගේ නිල නිවසින් තම දේපළ ඉවත් කිරීමේ කටයුතුවල ආරම්භ කර ඇති බව වාර්ථා වේ.
අසනීප තත්ත්වයක් හේතුවෙන් නොවැම්බර් 30 වන දින දක්වා මීට පෙර දීර්ඝ කර තිබූ කුමාරතුංග මහත්මිය දැන් එම පරිශ්‍රයෙන් ඉවත් වීමේ කටයුතු ආරම්භ කර තිබේ.
ඇයගේ මාධ්‍ය කාර්යාලයට අනුව, ඉදිරි දින කිහිපය තුළ ඇය නිවසින් සම්පූර්ණයෙන්ම ඉවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
හිටපු ජනපති චන්ද්‍රිකා නිල නිවසින් ඉවත්වීම ආරම්භ කරයි.
By