අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා 2025 නොවැම්බර් 22 සිට 2025 නොවැම්බර් 27 දක්වා විදේශගත වීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ. ලලිත් ශිරාන් ගුණරත්න මහතා වැඩබලන අගවිනිසුරු ලෙස අද (22) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අගවිනිසුරුවරයා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් ජනාධිපතිවරයා මෙම පත්වීම බලපැවැත්වෙන පරිදි සිදු කර ඇත.