කොළඹ නව නගරාධිපතිවරයා පත් කිරීම සඳහා අද උදෑසන පැවති පැවති මැතිවරණයේදී පළාත් පාලන කොමසාරිස්තුමිය අසාධාරණ ලෙස කටයුතු කළ බවට සමගි ජන බලවේගයේ පරාජිත නගරාධිපති අපේක්ෂිකා රීසා සරූක් චෝදනා කල බව වාර්ථා වේ.
රහස් ඡන්දයක් හරහා ඡන්දය පැවැත්වීමට කොමසාරිස් සාරංගිකා ජයසුන්දර අත්තනෝමතික තීරණයක් ගත් බවත් තම පක්ෂය විසින් මතු කරන ලද විරෝධතා නොතකා කටයුතු කරන ලද බවත් සරූක් කියා සිටියේය.
“ආරම්භයේදීම, කොමසාරිස්වරයා නිවේදනය කළේ ඡන්දය රහස් හෝ විවෘත ඡන්දයකින් පැවැත්විය හැකි බවයි, නමුත් ක්‍රියා පටිපාටියට අනුව, එම ක්‍රමය මන්ත්‍රීවරුන්ගේ බහුතර තීරණයකින් තීරණය කළ යුතුය,” සරූක් පැවසීය.
නගරාධිපති ඡන්දය සාධාරනව පැවැත්වුවේ නෑ - රිසා සරූක්
By