කොළඹ මහ නගර සභාවේ නගරාධීපති තේරීම සඳහා පැවති රහස් ඡන්දයකදී බහුතර ඡන්ද 26 ක් ලබා ගැනීමෙන් පසු බල්තසාර් මහත්මිය සඳුදා එම තනතුරට තේරී පත් වූ අතර අද දින ඇය රාජකාරී භාර ගන්නා ලදි.

මෙම පත්වීමත් සමඟ, ව්‍රායි කැලි බල්තසාර් කොළඹ මහ නගර සභා ඉතිහාසයේ දෙවන කාන්තා නගරාධිපතිනිය බවට පත්වේ.