පසුගිය පළත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව සඳහා ලාම්පුව ලකුණ යටතේ ස්වාධීන කණ්ඩායමක් වශයෙන් ඉදිරිපත් ව තරග වැදුණු කණ්ඩායම ජාතික ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයාව දිනවීමට කටයුතු කරන බව නිල වශයෙන් දැනුම්දී තිබෙනවා.

පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී අද (19) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග පැවති සාකච්ඡාව අවසන් කර පිටතට පැමිණෙමින් එම ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයින් මේ බව කියා සිටියා.

මීට අමතරව අපට වාර්ථාවන ආකාරයට තවත් ස්වාධීන කණ්ඩායම් කිහිපයක් ම අද පස්වරුවේ මාලිමා රජයට පළාත් පාලන බලය කොළඹ පිහිටුවීමට සහාය පළ කිරීමට තීරණය කර ඇත.