ජාතික ජනතා බලය (NPP) විසින් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස නම් කර ඇති බල්තසාර් විසින් මෑතකදී පවත්වන ලද ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාව මතභේදයට තුඩු දී ඇති බවත් නාගරික පරිපාලනය පිහිටුවීමට පෙර ඇයට නගරාධිපතිනිය ලෙස කටයුතු කළ හැක්කේ කෙසේදැයි විපක්ෂය ප්‍රශ්න කරයි.

කොළඹ විධිමත් පරිපාලනයක් ස්ථාපිත කර නොමැති තත්වයක්තුල සති අන්තයේ කොළඹ ඇළ මාර්ග පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් පරීක්ෂා කිරීම වැනි නගරාධිපති රාජකාරි බල්තසාර් මහත්මියට කළ හැක්කේ කෙසේදැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් විමසීය.

"නගරසභා පරිපාලනය නීත්‍යානුකූලව පිහිටුවීමට පෙර කොළඹ නගරාධිපතිනිය ලෙස බල්තසාර් මහත්මියට කටයුතු කළ හැක්කේ කෙසේද?" මන්ත්‍රී රහ්මාන් ඇසීය.

"ජාතික ජනබලවේගය බලයට පත් වූයේ පද්ධති වෙනසක් පොරොන්දු වෙමින්. එහෙත්, ඔවුන් පවතින පද්ධති සහ ක්‍රියා පටිපාටි නොසලකා හරින බවක් පෙනේ," යැයි පැවසූ ඔහු, පෙර කිසිදු රජයක් එසේ කටයුතු කර නොමැති බවත් පැවසීය.