ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කරනු ලැබූ අතර එයට අදාළ පත්වීම් ලිපි අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ප්‍රදානය කෙරුණා..

විශේෂ පන්තියේ අධිකරණ නිලධාරීන් 17 දෙනෙකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වන ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාව ප්‍රකාරව මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබෙනවා.

 මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද එක් වුණා.

නව මහාධිකරණ විනිසුරු ලෙස

එස්.එස්.කේ. විතාන මහතා

ඒ.එම්.අයි.එස්. අත්තනායක මහතා

ඒ.එම්.එම්. රියාල් මහතා

ඩී.පී.මුදුන්කොටුව මහතා

එස්.බී.එච්.එම්.එස්. හේරත් මහතා

ජේ. කජනිදීපාලන් මහතා

ඩී.එම්.ඩී.සී. බණ්ඩාර මහතා

එච්.එම්.බී.ආර්. විජේරත්න මෙණෙවිය

ඩී.එම්.ඒ. සෙනෙවිරත්න මහතා

ඒ.ඒ. ආනන්දරාජා මහතා

ජී.එන්.පෙරේරා මහතා

ඒ. ජුඩේසන් මහතා

ඩබ්ලිව්.කේ.ඩී.එස්. වීරතුංග මහත්මිය

ආර්.බී.එම්.ඩී.ආර්.වැලිගොඩපිටිය මහතා

කේ.ඩී.එන්.වී. ලංකාපුර මෙණෙවිය

ඩී.එම්.ආර්.ඩී.දිසානායක මහතා

එම්.අයි.එම්. රිස්වි මහතා

ඒ. ජයලක්ෂි ද සිල්වා මහත්මිය 
පත්වීම් ලැබීය.