සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ රජයේ ආයතනවල මුහුණු ආවරණ පැළඳීමට පොදු උපදෙසක් නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් මේ මොහොතේ නොමැති බවයි. ඒ මහතා මෙසේ පැවසුවේ බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා විසින් සියලුම රජයේ සේවකයින්ට මුහුණු ආවරණ පැළඳීමට උපදෙස් දෙමින් නිකුත් කරන ලද චක්‍රලේඛයෙන් පසුව වීම විශේෂයි.

ඉන්ෆ්ලුවෙන්සා සහ COVID-19 පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස සියලුම රජයේ ආයතන ප්‍රධානීන්ට තම සේවකයින්ට මුහුණු ආවරණ පැළඳීමට උපදෙස් දෙන ලෙස උපදෙස් දෙමින්, නිකුත් කරන ලද චක්‍රලේඛය නැවත සලකා බලන ලෙස වෛද්‍ය ජාසිංහ මහතා බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් බී.එන්. ධම්මින්ද කුමාර මහතාට දන්වා සිටින ලදි.

ස්වේච්ඡාවෙන් හෝ වෛද්‍ය උපදෙස් මත මුහුණු ආවරණ පැළඳීම කිසිදු ගැටළුවක් නොමැති බවු ඔහු පැවසීය.

කැස්ස සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් පෙළෙන අයට රැකියාවට වාර්තා කිරීම සීමා කිරීමේ අවශ්‍යතාවයක් නොමැති නමුත් එවැනි පුද්ගලයින් මුහුණු ආවරණ පැළඳීම වැනි හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට දිරිමත් කිරීම වැදගත් බව වෛද්‍ය ජාසිංහ මහතා පැවසීය.


ඒ අනුව ස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා විසින් සියලුම රජයේ සේවකයින්ට මුහුණු ආවරණ පැළඳීමට උපදෙස් දෙමින් නිකුත් කරන ලද චක්‍රලේඛය ඉවත් කරගෙන ඇති බවත් වාර්ථා වේ.