තම පියා වන සුරංග වෙල්ලාලගේගේ අභාවයෙන් සම්බන්ධව ශ්‍රී ලාංකික ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ වෙත ඇෆ්ගනිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබි තම හෘදයාංගම ශෝකය පළ කර තිබේ.

X හි පළ කරන ලද පණිවිඩයක 'ඔහුගේ ආදරණීය පියාගේ වියෝව පිළිබඳව දුනිත් වෙල්ලාලගේ සහ ඔහුගේ පවුලේ අයට හෘදයාංගම ශෝකය පළ කරමි. ශක්තිමත්ව සිටින්න, සහෝදරයා."
, නබි ලිවීය.