ප්‍රතිකා රාවල් සහ ස්ම්රිති මන්දානාගේ විශිෂ්ට ශතක හේතුවෙන් 2025 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට ඉන්දියාව සුදුසුකම් ලැබුවේ නවසීලන්තයට එරෙහිව ලකුණු 53 ක ජයග්‍රහණයක් ලබා ගනිමිනි.

ඉන්දීය කණ්ඩායම ආකර්ෂණීය ඉනිමක් ක්‍රීඩා කරමින් ඕවර 49 කදී ජයග්‍රහණය සඳහා නවසීලන්තයට ලකුණු 341 ක ඉලක්කයක් ලබා දුන් අතර එම ඉලක්කය වර්ෂාව හේතුවෙන් ඩක්වත් ලුවිස් ක්‍රමය අනුව ඕවර 44 කින් 325 ක් ලෙස සංශෝධනය කරන ලදී.

කෙසේ වෙතත් අවසානයේ නවසීලන්ත කණ්ඩායමට ඕවර 44කදී කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 277ක් පමණි.

ඒ අනුව අවසන් පූරැ්ව වටයේ හතරදෙනා ලෙස ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය හා ඉන්දියාව සුදුසුකම් ලැබූ අතර ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන් විය.