ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට සමගාමී ව පැවැත්වෙන ඉන්දු – එංගලන්ත තරග 05කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ ජය ඉන්දීය කණ්ඩායම කඩුලු 05කින් ලීඩ්ස් ක්‍රීඩාංගණයේ දී පරාජය කරමින් සත්කාරක එංගලන්තයට ලබා ගැනීමට හැකි විය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමු ඉනිම පිතිකරණයට ඉන්දියාවට අවස්ථාව ලැබුණු අතර ඔවුන් ලකුණු 471ක් ලබා ගත් අතර ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් එක් ඉනිමක දී ශතක ත්‍රිත්ත්වයක් ම වාර්තා විය. ඒ යසස්වි ජයිස්වාල්, ශුබ්මන් ගිල් හා රිෂාබ් පාන්ට් එම පිතිකරුවන් ගේ පිත්තෙනි.
පළමු ඉනිමට පිටියට පැමිණි එංගලන්තය, ඉන්දීය පන්දු යවන්නන් හමුවේ සියල්ලන්ම දැවී ලකුණු 465ක් ලබාගත් අතර ලකුණු 06ක් පළමු ඉනිමෙන් ඉදිරියෙන් සිටිීමට ඉන්දීයාව සමත් විය.
එහිදී ද නැවතත් රිෂාබ් පාන්ට්ගෙන් ශතයක් හා කේ. එල් රාහුල්ගෙන් ද ශතකයක් වාර්තා කරමින් ලකුණු 364ක් ලබා ගැනීමට සමත් විය. කඩුලු 5ක් දැවී ලකුණූ 371ක ඉලක්කය එංගලන්තය පසුකර යමින් ඉන්දියාව පරාජය කරන ලදි. ටෙස්ට් ශතක 05ක් තරගය පුරා ම ලබා ගනිමින් තරගයක් පරාජයට පත් වූ පළමු කණ්ඩායම බවට ද ඊයේ (24) තරග පරාජයෙන් පසුව ඉන්දීය කණ්ඩායම පත් වුණා.
ඉන්දියාව ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරග 09 න් ජයග්‍රහණය කර ඇත්තේ ද එක් තරගයක් පමණක් වීම ද මෙහි දී දැඩි අවධානයට ලක් ව ඇති කරුණක්.
ශතක පහක් ගත්තත් ඉන්දියාවට දිනන්න බැරි වෙයි.
By