සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව කොළඹ SSC ක්‍රීඩාංගනයේ පවත්වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ශතකයක් ලබා ගැනීමට පැතුම් නිස්සංක සමත් විය.
ඔහුට අගනා සහයක් ලබා දෙමින් දිනේෂ් චන්දිමාල් ලකුණු 93 ක් රැක්කර ශතකය පෙනෙන මානයේදී දැවී ගියේය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම දිනය අවසන පන්දුවාර 78ක් අවසානයේ එක් කඩුලු දෙකක් දැවී ලකුණු 290ක් රැස් කරගෙන සිටියේය.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 247ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බංග්ලාදේශ පළමු ඉනිමට වඩා කඩුලු 8ක් අතැතිව ලකුණු 43ක් ඉදිරියෙන් සිටී.
පැතුම් නිස්සංකගෙන් අගනා ශතකයක්
By