කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 78කින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) සමත් වූ අතර දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ශූරතාව තරග එකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව ජය හිමිකර ගත්තා.
තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 247ක් සියල්ලන් දැවී රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට සියල්ලන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 458ක්.
දෙවන ඉනිමට, ලකුණු 211ක් පිටුපසින් ඉඳිමින් ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ ඉනිම ලකුණු 133 කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වු අතර ඉනිමකින් සහ ලකුණු 78 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සම්ත් විය.
මෙහිදී බංග්ලාදේශ දෙවන ඉනිමේ කඩුලු 05ක් බිඳ දැමූ ප්‍රභාත් ජයසූරිය ශ්‍රී ලංකා ජය මාවත විවර කළා.
පිත්තෙන් දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක දෙවන තරගයේ වීරයා ලෙස සහ තරගාවලියේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තා.
එලෙසම, බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සමඟ පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අමිහිරි පරාජයක් සමග අවසන්වීමෙන් අනතුරුව ඔහු මේ බව නිවේදනය කළා.
“ටෙස්ට් ආකෘතියේ නායකත්වය තවදුරටත් කරගෙන යාමට මට අවශ්‍ය නෑ. මෙය පෞද්ගලික දෙයක් නොවේ. කණ්ඩායමේ අභිවෘද්ධිය සඳහා මම මෙම තීරණය ගත්තේ.” ෂැන්ටෝ තරඟයෙන් පසු මාධ්‍ය හමුවේදී තම ඉවත්වීම පිළිබඳව සඳහන් කළා.
ලංකාවට ඉනිමක හා ලකුණු 78ක දැවැන්ත ජයක්
By