ලෝක කුසලාන පන්දුවට 20 තරගාවලියට තවත් මාස 07ක පමණ කාලයක් ඉතිරිව තිබිය දී බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
ඔහුගේ නිජබිම වන ජැමෙයිකාවේ සබීනා පාර්ක් හිදී පැවැත්වෙන ඕස්ට්‍රේලියාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ පළමු තරඟ දෙකෙන් අනතුරුව රසල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනා බවයි දැනුම් දී ඇතැයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේය.
37 හැවිරිදි වියේ පසුවන රසල් 2019 සිට විස්සයි විස්ස තරග පමණක් නියෝජනය කළ අතර, කොදෙව් දේශය වෙනුවෙන් දැනට තරඟ 84ක් ක්‍රීඩා කර තිබෙනවා.
ඔහු කොදෙව් දේශය වෙනුවෙන් ටෙස්ට් තරගයකට සහ එක්දින තරග 56කට ක්‍රීඩා කර තිබෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී
By