2025 දී පරිගණක අපරාධ පැමිණිලි සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකාව තුළ සයිබර් ප්‍රහාර වඩ වඩාත් බරපතල ගැටලුවක් බවට පත්වෙමින් තිබෙන බවත් මේ වසරේ මේ දක්වා සයිබර් අපරාධ සිදුවීම් 5,400 කට වඩා වාර්තා වී ඇති බවත් වාර්ථෘ වේ.
වාර්ථා වී ඇති තොරතුරු අනුව, බොහෝ සිද්ධීන් ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම්, ස්නැප්චැට් සහ ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය වේදිකා සම්බන්ධ වන අතර, 90% කට ආසන්න ප්‍රමාණයක් ෆේස්බුක් සමඟ සම්බන්ධ වේ. සැලකිය යුතු සංඛ්‍යාවක් කෘතිම බුද්ධි (AI) මෙවලම් අනිසි ලෙස භාවිතා කිරීම ද ඇතුළත් වේ.
පොදු සයිබර් අපරාධ සැලකීමේදී අනිෂ්ට මෘදුකාංග ප්‍රහාර, දත්ත සොරකම්, තතුබෑම් වංචා සහ මාර්ගගත මූල්‍ය වංචා ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ මිලියන හතකට අධික අන්තර්ජාල පරිශීලකයින් සිටින අතර, ඉන් 90% ක් පමණ සමාජ මාධ්‍යවල ක්‍රියාකාරී වන අතර, මාර්ගගත සූරාකෑමේ අවදානම ඉහළ මට්ටමක පවතී.
රජයේ ආයතන කිහිපයක් ද ඉලක්ක කර ගෙන ඇත. මෙම වසර මුලදී, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ප්‍රධාන ආයතනවලට අයත් වෙබ් අඩවි සයිබර් ප්‍රහාර මගින් අඩාල විය.
පරිගණක අපරාධ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළට
By