ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයෙකු තෝරා පත් කර ගැනීමට අදාළ ඡන්ද විමසීමේදී, කාන්තා ප්‍රාදේශීය ලේකම්වරියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් නොමැති වීම ඇතුළු කරුණු කිහිපයක් හෙට පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කිරීමට නියමිතය බව වාර්ථා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම කරුණ සහ දියවඩන නිලමේවරයාගේ ධුර කාලය සහ එම තනතුර දැරීමට පුද්ගලයෙකුට ඇති සුදුසුකම් ඇතුළු අනෙකුත් කරුණු ආවරණය කරමින් හෙට සභාවේදී සාකච්ඡා කිරීමට නියමිතය.
කාන්තා ප්‍රාදේශීය ලේකම්වරියන් හේතුවෙන් දළදා මාලිගාවේ දියවඩන නිළමේ ඡන්දයේ ගැටළු
By