ආගමන හා විගමන පනත යටතේ සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති වරදක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාගවන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තුවක් නිකුත් කළේය.
නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග ඉදිරියේ කැඳවන ලද අවස්ථාවේදී ඇය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තුව නිකුත් කරන ලදී.
එලෙසම ඩයනා ගමගේගේ ඇප ඇපකරුවන්ටද නොතීසි ලබා දෙන ලෙස ද නියෝගයක් නිකුත් කරන ලදී.
ඩයනා ගමගේවත් අත්අඩංගුවට ගන්න නියෝග
By