පසුගිය ඔක්තෝබර් 08 වන දින මහවැලි ගඟ අසල සෙල්ලම් කරමින් සිටියදී අතුරුදහන් වූ මහනුවර, අංකුඹුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 13 ක දරුවන් දෙදෙනාගේ මළ සිරුරු අද (10) උදෑසන වික්ටෝරියා ජලාශයෙන් සොයා ගත් බව පොලිසිය වාර්තා කරයි.
ඔවුන් සැඩ පහරට හසුවී ගසාගෙන ගොස් ඇති බවට සැක කරමින්, පොලිසිය, ප්‍රදේශවාසීන් සමඟ එක්ව වික්ටෝරියා ජලාශයේ සෝදිසි මෙහෙයුමක් සිදු කළ නමුත් ඔවුන් පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය.
අවසානයේ මළ සිරුරු අංකුඹුරේ ඔවුන්ගේ නිවසේ සිට කිලෝමීටර දෙකක් පමණ දුරින් පිහිටි හාරගම ප්‍රදේශයෙන් සොයා ගන්නා ලදී.
මියගිය අය මහනුවර ප්‍රදේශයේ පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි සිසුවෙකු සහ නගරයේ වෙනත් පාසලක ඉගෙනුම ලබන 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, දෙදෙනාම තැන්නේකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
වික්ටෝරියා ජලාශයෙන් සිසුන් දෙදෙනෙකුගේ මලසිරුරු සොයාගනී.
By