ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතියක් ස්ථාපිත කිරීම අරමුණු කරගනිමින් හැඳුනුම්පත් ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමේ සැලැස්ම 2012 දී ආරම්භ කරන ලද අතර 2026 අප්‍රේල් මාසය වන විට විද්‍යුත් ජාතික හැඳුනුම්පත් (e-NIC) නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා උපුටා දක්වමින් මාධ්‍ය වාර්ථා කරයි.

ප්ලාස්ටික් හැඳුනුම්පත් වල වර්තමාන භාවිතය පරිසර පද්ධතියට අහිතකර ලෙස බලපාන බව වීරරත්න අවධාරණය කළ අතර ඩිජිටල් හැඳුනුම්පත් වේදිකාවකට මාරුවීමේ අවශ්‍යතාවයද පැහැදිලි කරන ලදි.