රතිකාර ලබා ගැනීමට පැමිණි 19 වියැති කාන්තාවක අපයෝජනය කිරීමේ චෝදනාව ඇතුළු චෝදනා යටතේ මීගමුව මූලස්ථාන පොලිසියේ කාන්තා සහ ළමා කටයුතු කාර්යාංශය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණ වූ වෛද්‍යවරයෙකු මෙම මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා නියෝග කළේය.
මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට අනුයුක්තව සේවය කළ මාරවිල ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකු මෙසේ රක්ෂිත භාරයට පත් කරන ලදී.
මීගමුව මූලස්ථාන පොලීසියේ කාන්තා හා ළමා කාර්යාංශයට වින්දිත කාන්තාව විසින් පසුගිය අප්‍රේල් 2 වැනිදා සිදු කළ පැමිණිල්ලක් පිළිබඳ සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
මීගමුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තල්වත්ත මහතා සමග කාන්තා උපපොලිස් පරික්ෂිකා එම්.එස් හසීම් මහත්මිය සහ සැරයන් ප්‍රසන්න සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිල්ල මෙහෙය වීය.
බර්ටි වීරසිංහ