දේශීය ආයුර්වේද සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සහ රෝගී සේවා වැඩිදියුණු කිරීමේ රාජ්‍ය ප්‍රථිපත්තියට අනුව, සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (3) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු උපාධිධාරීන් 303 දෙනෙකු ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයට පත් කිරීමේ කටයුතු සූදානම් කර ඇත. මෙම බදවාගැනීම් 2018 වසරෙන් පසු ආයුර්වේද අංශයට සිදු කරන ලද විශාලතම බඳවා ගැනීම බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

නව බඳවා ගැනීම් ජ්‍යෙෂ්ඨ ආයුර්වේද විශේෂඥයින් යටතේ පුළුල් පුහුණුවක් ලබා ඇති අතර, වකුගඩු ආශ්‍රිත තත්වයන් ඇතුළු බෝවන සහ බෝ නොවන රෝගවලින් පීඩාවට පත් ප්‍රදේශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, රට පුරා මධ්‍යම රජයේ සහ පළාත් ආයුර්වේද රෝහල්වලට අනුයුක්ත කරනු ලැබේ.