ප්‍රථිකාර සඳහා කහතුඩුව වෑතර දිස්ත්‍රික් රෝහලට පැමිණි 26 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් 40 හැවිරිදි වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා නොවැම්බර් 12 වන දින රෝහලේ බාහිර රෝගී අංශයට (OPD) පැමිණි බවත්, මුත්‍රා පරීක්ෂණයක් සිදු කර නොවැම්බර් 19 වන දින නැවත පැමිණෙන ලෙස දැනුම් දුන් බවත් ප්‍රකාශ කර ඇත. පසුව, වින්දිත න්තාව නොවැම්බර් 19 වන දින මුත්‍රා වාර්තාව සමඟ බාහිර රෝගී අංශයට පැමිණ ඇති අතර, වෛද්‍යවරයා ඇයව කාන්තා සහායකයෙකුගේ සහාය නොමැතිව කාමරයකට ගෙන ගොස් පරීක්ෂා කරන ලෙස මවාපාමින් ලිංගික අතවර කර ඇති බව පොලිසිය පැවසීය.

පාර්ශව දෙකම පරීක්ෂණයක් සඳහා කැඳවීමෙන් පසු අද දින වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.