රට තුලට අධික ලෙස මත්ද්‍රව්‍ය සැපයුම නිසා මේ වන විට මත්ද්‍රව්‍ය මිල පහළ වැටී ඇතැයි සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.
වර්තමාන ආණ්ඩුව යටතේ මේ වසරේ සැප්තැම්බර් 30 වනදා විට අත් අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් කිලෝ 1248ක් පමණක් බවත් 2019 වසරේ එම කාලය තුළ යහපාලන ආණ්ඩුව යටතේ ද හෙරොයින් කිලෝ 1160ක් අත් අඩංගුවට ගෙන ඇතත් මේ ආණ්ඩුව වගේ මාධ්‍ය සංදර්ශන නොකළ බව ද ඔහු පෙන්වා දෙයි.
රටේ ආර්ථික ප්‍රගතියක් උදාකර දීමට නොහැකි වූ නිසාත් ගමේ වැඩක් කිරීමට නොහැකි වූ නිසාත් ආණ්ඩුව මත්ද්‍රව්‍ය ඇල්ලීම සංදර්ශනයක් බවට පත්කරගෙන ලකුණු දමා ගැනීමට උත්සාහ කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.