ජාතික ජන බලවේගයේ පෑලියගොඩ නගර සභා මන්ත්‍රීවරියගේ සැමියා සහ පුතා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති තත්වයක්තුල ඇය තම ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියාට භාර දී ඇත.

අදාළ මන්ත්‍රීවරිය වන දිස්නා නිරංජලා කුමාරි පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයෙන් පෑලියගොඩ නගර සභාවේ මන්ත්‍රීවරියක් ලෙස තේරී පත් වූ බව වාර්ථා වේ.

එප්පාවල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාට එරෙහිව දැඩිව නීතිමය පියවර ගනිමින් සිටින බව ජාතික ජන බලවේගය (NPP) පැවසීය.