හෙරොයින් කිලෝග්‍රෑම් 179 කට වඩා ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද මරණ දඬුවම නියම කළේය.
2018 දී බේරුවල සමුද්‍ර කලාපය තුළ බහුදින ධීවර යාත්‍රාවකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලද අතර හෙරොයින් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් තිදෙනා වැරදිකරුවන් විය.
එම නඩුවේදීම, ප්‍රමාණවත් සාක්ෂි නොමැතිකම හේතුවෙන් අධිකරණය තවත් විත්තිකරුවන් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කළේය.
හෙරොයින් ජාවාරම සම්බන්ධව වැරදිකරු වූ තිදෙනෙකුට මරණ දඩුවම
By