අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කරන ලද INTERPOL රතු නිවේදනය අත්හිටුවන ලෙස අධිකරණයෙන් ඉල්ලා කුප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මෙන්ම දැනට සැඟවී විදේශයන්හි පදිංචිව සිටීන, සලිඳු මල්ෂික ගුණරත්න නොහොත් “කුඩු සලිඳු” විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර ඇත.
කුඩු සලිඳුගේ නීතිඥයින් හරහා ගොනු කරන ලද රිට් පෙත්සම ඊයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් සලකා බැලීම සඳහා කැඳවන ලදී.
ජනවාරි මාසයේ විභාගය අතරතුර විරෝධතා ගොනු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන් බැවින් ඒ සම්බන්ධයෙන් සලකා බලා 2026 ජනවාරි 30 වන දින පෙත්සම නැවත කැඳවීමට අධිකරණය අවසර දුන්නේය.
කුඩු සලිඳුගෙන් රීට් පෙත්සමක්
By