පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව අද (26) අලුයම සීදූව රාජපක්ෂපුර ප්‍රදේශයේ සිදු කළ විශේෂ ඒකාබද්ධ වැටලීමකදී කොටහේන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක් ඇය තම 8 හැවිරිදි දරුවා යොදාගෙන ටෙඩි බෙයාර් කෙනෙකු තුළ සඟවා මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට සීදූවේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
පොලිසියට අනුව, සැකකාරිය තම දරුවා සමඟ කාමරයක කුලියට සිටියදී සැක සහිත ලෙස ටෙඩි බෙයාර් කෙනෙකු කාමරයෙන් පිටතට රැගෙන යන බව නිලධාරීන් දුටු අතර ඒ ගැන කරන ලද පරීක්ෂා කිරීමේදී, ටෙඩි බෙයාර් තුළ අයිස්, හෙරොයින්, කේරළ ගංජා සහ ඩිජිටල් තරාදියක් අඩංගු බව සොයා ගන්නා ලදී.
ටෙඩි බෙයාර් කෙනෙකු තුල සගවා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කර අත්අඩංගුවට
By