සඳුදා (මැයි 12) අලුයම ටිබෙටයේ රික්ටර් මාපකයේ 5.5 ක භූමිකම්පාවක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්ථා කර ඇත.

භූමිකම්පාව එරට වේලාවෙන් අලුයම 5.11 ට ෂිගාට්සේ නගරයට බලපෑ අතර එය කිලෝමීටර 10 ක් ගැඹුරේ සිදු විය.

බලධාරීන් හදිසි ප්‍රතිචාර සේවා යවා ඇති අතර මෙතෙක් කිසිදු හානියක් වාර්තා වී නොමැති බව වැඩිදුරටත් වාර්ථා වේ.

ජනවාරි මාසයේදී, ෂිගාට්සේ සිට කිලෝමීටර් 240 ක් පමණ දුරින් පිහිටි ටිබෙටයේ ටින්ග්‍රි ප්‍රාන්තයට බලපෑ 6.8 ක භූමිකම්පාවකින් පුද්ගලයින් 120 කට වැඩි පිරිසක් මිය ගියහ.