ඉරිදා සවස තුර්කියේ වයඹ දිග බලිකසීර් පළාතේ ඇති වූ රික්ටර් මාපකයේ 6.1 ක භූමිකම්පාවකින් එක් අයෙකු මිය ගොස් තිබේ.
භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය වූ සින්ඩිර්ගි නගරයේ සුන්බුන් අතරින් ගොඩ ගැනීමට ටික වේලාවකට පසු 81 හැවිරිදි කාන්තාවක් මිය ගිය බව තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසීය.
කම්පන හේතුවෙන් ගොඩනැගිලි 16 ක් කඩා වැටුණු අතර පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා ඇති බව අලි යර්ලිකායා තවදුරටත් පැවසීය.
තුර්කියේ ආපදා කළමනාකරණ ඒජන්සිය පැවසුවේ භූමිකම්පාව දේශීය වේලාවෙන් 19:53 ට පමණ (GMT 16:53) වාර්තා වූ අතර එය ඉස්තාන්බුල් දක්වා දුර බැහැරට දැනුණු බවයි.
පීඩාවට පත් සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් ප්‍රකාශයක් නිකුත් කළ අතර, සියලු ප්‍රතිසාධන කටයුතු සමීපව නිරීක්ෂණය කරන බව පැවසීය.
- BBC
තුර්කියේ භූ කම්පනයක් - අයෙක් මරුට
By