උතුරු ජපානයේ රික්ටර් මාපකයේ 6.7 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා. යමඩා වෙරළබඩ නගරයට සැතපුම් 78 ක් පමණ නැගෙනහිරින්, සැතපුම් හයකට වඩා ගැඹුරින් 6.7ක් ප්‍රබල මෙම භූමිකම්පාව සිදුව ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ.

මේ සමඟ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.


ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව, භූමිකම්පාව එරට දේශීය සවස 5.03ට පමණ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඉවාට් වෙරළ තීරයේ මීටර් එකක් දක්වා ඉහළට මුහුදු රළ ඇති විය හැකි බවයි අනතුරු අඟවා ඇත්තේ.

-Dasatha