නිකවැරටිය සහ අඹන්පොල මායිම් වූ වනාන්තරවල තම පරම්පරාවේ එකම ඇතා ලෙස සැලකෙන "බාතිය" ලෙස ජනප්‍රියව හැඳින්වෙන ඇතා බරපතල ලෙස රෝගාතුර වී ඇති බවත් ඇතා මහව වනජීවී පශු වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්ථා වේ.

වම් පාදයේ ආබාධයකින් පෙළෙන ඇතා පොල්පිතිගම වැව් රක්ෂිතයේ මඩ සහිත ජලයේ වැතිර සිටියදී වනජීවී පශු වෛද්‍ය ප්‍රතිකාර හේතුවෙන් සුවය ලබමින් සිටියේය.

වනජීවී නිලධාරීන් පැවසුවේ ඇතාට ප්‍රතිකාර ලබා දීමට සහ ජීවිතය බේරා ගැනීමට බොහෝ වෙහෙසක් දැරීමට සිදු වන බවයි.

ඇතා බරපතල ලෙස රෝගාතුර වී ඇති බවත්, ඇතාගේ ඉදිරිපස වම් පාදය ඉදිමී ඇති බවත්, පෝෂණය කිරීමට අපහසු බවත් ඔවුන් තවදුරටත් පෙන්වා දුන්හ. ඇතාට කෙළින් සිටීමට නොහැකි වූ බව වනජීවී නිළධාරී ජයසුන්දර මහතා පැවසීය.

මහෝ ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවේ වනජීවී පශු වෛද්‍යවරුන් ඇතුළු වනජීවී නිලධාරීන් කණ්ඩායමක් ඇතාගේ ජීවිතය බේරා ගැනීමට උපරිම උත්සාහයක් දරන බවයි.