දිනෙන් දින ඉහළ යන මිනිස්-අලි ගැටුම හේතුවෙන් අලි මරණ සංඛ්‍යාව භයානක ලෙස ඉහළ යමින් පවතින මධ්‍යයේ, අලි ඇතුන් ඝාතනය කිරීමේ වරදකරුවන් වන අයට මරණ දඬුවම පවා ඇතුළුව දැඩි දඬුවම් හඳුන්වා දීම ඇතුළුව රටේ වනජීවී ආඥා පනතට කඩිනම් සංශෝධන කල යුතු බවට ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් මාධ්‍ය හමුවක් අමතමින් ඉල්ලා ඇති අතර රටේ අලි ගහනය ආරක්ෂා කිරීමට සහ පවතින ගැටුම අවම කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පසුගිය සහ වත්මන් රජයන් දැඩි ලෙස විවේචනයටද ලක් කළහ.
“පෙර රජයන් අලි ඇතුන් ආරක්ෂා කිරීමට අපොහොසත් වූ අතර වත්මන් රජයට ද නිශ්චිත සැලසුම් නොමැත. මිනිස්-අලි ගැටුම අඩු කිරීම සඳහා අවම උපාය මාර්ගයක්වත් ක්‍රියාත්මක කිරීමට මෙම රජයට නොහැකි වනු ඇත,” උන්වහන්සේ පැවසීය.
අලි ඇතුන් ඝාතනය කරන අයට මරණ දඩුවම දිය යුතුයි - වනවාසී රාහුල හිමි.
By