ආරක්ෂක අංශ වෙත ලැබුණු බුද්ධි තොරතුරු මත පදනම්ව, විල්පත්තු, රිටිගල සහ මහියංගනය වනජීවී නිලධාරීන් විසින් සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී මහියංගනය ආදිවාසී ගම්මානයේ පදිංචිකරුවකු රුපියල් මිලියන 30 කට අධික වටිනාකමකින් යුත් ගජමුතු තොගයක් සමඟ සිකුරාදා (17) අත්අඩංගුවට ගෙන තිබේ.
නිලධාරීන්ට විසින් මාස ගණනක විමර්ශනයකින් පසුව අත්අඩංගුවට ගැනීම සිදු වූ අතර ශ්‍රී ලංකාවේ මෙතෙක් සොයා ගන්නා ලද විශාලතම ගජමුතු තොගය මෙය බව වාර්ථා වේ.
වැටලීමේදී, නිලධාරීන් ගජමුතු 30 ක්, දිවියෙකුගේ සමෙහි කොටස්, අලි ඇතුන්ගේ කොටසක්, දිවි තෙල්, කරුවල ශාකයේ කැබලි, දේශීයව නිෂ්පාදනය කරන ලද ගිනි අවියක්, සත්ව උගුල් සහ දඹ ශාකයේ කොටස් ද අත්අඩංගුවට ගෙන ඇත .
සැකකරු දැනට වනජීවී භාරයේ සිටින අතර වැඩිදුර පරීක්ෂණවලින් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගජමුතු 30ක් හා වෙනත් සත්ව කොටස් සමග අයෙක් අත්අඩංගුවට
By