කිලිනොච්චියේ අද දින සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.
පොලිසියට අනුව, කිලිනොච්චියේ තට්ටුවාන් කෝට්ටෙයි ප්‍රදේශයේ මෙම පිපිරීම වාර්තා විය.
පුද්ගලයින් අතහැර දැමූ නිවසක කැණීම් කටයුතුවල යෙදී සිටියදී වළලනු ලැබූ පුපුරණ ද්‍රව්‍යයක් පුපුරා ගොස් ඇති බව වාර්තා වේ.
තුවාල ලැබූ පුද්ගලයින් කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇත.
කිලිනොච්චි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කිලිනොච්චියේ පිපිරීමකින් දෙදෙනෙකුට තුවාල
By