ජනාධිපතිවරයාට අපහාස කිරීම සහ සමාජ මාධ්‍යවල පළ කිරීම් හරහා රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක්වීම යන චෝදනා මත ටියුනීසියානු පුද්ගලයෙකුට මරණ දඬුවම නියම කර ඇති බව මානව හිමිකම් සඳහා වූ ටියුනීසියානු ලීගයේ ප්‍රධානියා සහ ඔහුගේ නීතිඥවරයා සිකුරාදා පැවසීය.
2021 දී ජනාධිපති කයිස් සයිඩ් සියලු බලතල පාහේ අත්පත් කර ගැනීමෙන් පසු නිදහසේ කතා කිරීමේ සීමාවන් දැඩි කර ඇති ටියුනීසියාවේ මෙම තීන්දුව පෙර නොවූ විරූ එකකි.
දඬුවම් නියම වූ 56 හැවිරිදි දෛනික කම්කරු සේවකයෙකු වන සාබර් චෞචේන්, සීමිත අධ්‍යාපනයක් ඇති නිත්‍ය පුරවැසියෙකු වන අතර ඔහු පසුගිය වසරේ අත්අඩංගුවට ගැනීමට පෙර ජනාධිපතිවරයා විවේචනය කරන සටහන් ලියමින් සිටි බව ඔහුගේ නීතිඥ ඔසාමා බූතල්ජා රොයිටර් පුවත් සේවයට පැවසීය.
"නබියුල් උසාවියේ විනිසුරුවරයා ෆේස්බුක් සටහන් සම්බන්ධයෙන් එම පුද්ගලයාට මරණ දඬුවම නියම කළේය. එය කම්පන සහගත සහ පෙර නොවූ විරූ තීන්දුවක්," බූතල්ජා පැවසීය.
-රෝයිටර්
ෆේස්බුක් සටහනක් වෙනුවෙන් මරණ දඩුවම
By