කල් ඉකුත් වූ ජෙලි, මෙන්තෝල් සහ බිස්කට් විකිණීම සම්බන්ධයෙන් වරද පිළිගත් ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක ශාඛා තුනකට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් 600,000 ක මුළු දඩයක් නියම කර තිබේ.
එලෙස කල් ඉකුත්වූ ආහාර විකිනීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගොනු කරන ලද වෙනම නඩු තුනකදී සෑම ශාඛාවකටම රුපියල් 200,000 ක දඩයක් නියම කරන ලදී. පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම අරමුණු කරගත් නිතිපතා පරීක්ෂා කිරීම්වලින් පසුව මෙම නඩු ගොනු කර ඇති බව ඒම අධිකාරිය පැවසීය.
කල් ඉකුත්වූ ආහාර විකිණු සුපිරි වෙළඳසැලකට රු. 600,000ක දඩයක්.
By