කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයෙන් රන් ආලේපිත T56 ගිනි අවියක් සොයා ගැනීම සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.