2025 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 144,379 දෙනෙකු රැකියා සඳහා විදේශගත වී ඇති අතර, පිරිමි ශ්‍රමිකයන් සැලකිය යුතු ලෙස ඉහළ ප්‍රතිශතයක් නියෝජනය කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය.

මෙම කාලය තුළ මුළු සංක්‍රමණිකයන් ගෙන් 88,684 ක් පිරිමින් වන අතර 55,695 ක් කාන්තාවන් වේ. වැඩිම සංඛ්‍යාවක් එනම් 38,806 ක් මෙම කාලය තුළ එක් මාසයක පිටත්ව ගිය අගය වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 28,973 ක් සඳහා අවස්ථාව ලබාදී ඇති අතර, කටාර් රාජ්‍යය 21,958 ක් බඳවා ගෙන ඇත. නැගෙනහිර ආසියානු රටවලට සංක්‍රමණය වීමේ වැඩිවන ප්‍රවණතාවක්ද හදුණා ගෙන ඇත. ජපානයට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 6,073 ක් ගොස් ඇති අතර දකුණු කොරියාව 3,134 ක් සඳහා අවස්ථාව දී ඇත.