මිල සූත්‍රයට අනුව ජූලි මාසය සඳහා ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව උපුටා දක්වමින් මාධ්‍ය වාර්ථා කර ඇත.

හෙට (30) රැස්වීමට නියමිත ඉන්ධන මිලකරණ කමිටුව විසින් මිල නියම කිරීම පිළිබඳ අවසන් තීරණය ගනු ලැබුවද, සැලකිය යුතු සංශෝධනයක් අපේක්ෂා නොකරන බව CPC කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසීය.

“ගෝලීය තෙල් වෙළඳපොලේ වත්මන් ප්‍රවණතා සැලකිල්ලට ගෙන, ජූලි මාසයේ සැලකිය යුතු මිල උච්චාවචනයන් අපි පුරෝකථනය නොකරමු,” ඔහු පැවසීය.