ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) අද (ඔක්තෝබර් 31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරන බව නිවේදනය කර ඇත.

මිල සංශෝධනය අනුව පෙට්‍රල් 92 ඔක්ටේන් මිල ලීටරයකට රු. 5 කින් අඩු කර ඇති අතර පෙට්‍රල් 92 නව මිල රු. 294 දක්වා අඩුවෙනු ඇත.

සුපිරි ඩීසල් මිල ලීටරයකට රු. 5 කින් ඉහල යන අතර නව මිල රු. 318 කි.

95 පෙට්‍රල් හා ඩීසල් ඇතුලු අනෙකුත් ඉන්ධන වර්ගවල මිල නොවෙනස්ව පවතිනු ඇත.