ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳපොළ අල්ලා ගැනීමට රටට හැකි වන පරිදි ස්ථාවර ප්‍රතිපත්ති ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත්, ශ්‍රී ලංකාව ලොව පුරා මැණික් සඳහා ප්‍රසිද්ධියක් දරන බවත්, දැනටමත් මැණික් හා ස්වර්ණාභරණ සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ඇතත්, අපනයනය අපේක්ෂිත මට්ටමට වර්ධනය වී නොමැති බව අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ගෝලීය වේදිකාවට ගෙන යාම අරමුණු කරගත් ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයක් වන මැණික් නගර රත්නපුර - 2025 විවෘත කිරීමේ උත්සවය අමතමින් ඇය මෙම අදහස් පළ කළාය.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබන්නේ ලොව ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ වෙළඳපොළවල් අතර ශ්‍රී ලංකාවේ ස්ථානය සොයා ගැනීම සහ මැණික් ගල්, මැණික් හා ස්වර්ණාභරණ කැණීම් සහ සැකසුම් ශිල්පීය ක්‍රම, රසායනාගාර සේවා මෙන්ම ක්ෂේත්‍රයේ පුහුණු සහ අධ්‍යාපනික අවස්ථා ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් ය.
මැණික් අපනයනය අපේක්ෂිත මට්ටමට පැමිණ නැහැ -අගමැතිනිය
By