ගල්කිස්ස අධිකරණයේ රාජකාරී කටයුතු අතරතුරදී ඇති වූ ගැටුුුම්කාරී සිද්ධියෙයෙ පසුව, එම අධිකරණ මුරපොළේ සේවය තවදුරටත් කරගෙන යාමට පවතින අපහසුතාවය පිළිබඳව අදාළ නිලධාරියා විසින් ඉහළ නිලධාරීන්ට කරන ලද ඉල්ලීම අනුව පොලිස් කොස්තාපල් තරින්ද දිල්හාන් මහතාට පිළියන්දල පොලිස් ස්ථානයට ස්ථාන මාරුවක් ලබාදීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.

නීතිඥවරයකු සමග ඇති වූ ගැටුම හා ඉදිරියේ ඇතිවිය හැකි අපහසුතාවයන් හේතුවෙන් එම නිලධාරීයා වෙනත් සේවා ස්ථානයකට මාරුකර යවන ලෙස කරන ලද ඉල්ලීම මත මෙම තීරණය ගෙන තිබේ.

පොලිස් කොස්තාපල්වරයාගේ බිරිඳ ද ගල්කිස්ස අධිකරණයේම ලිපිකාරනියක ලෙස සේවයේ නියුක්තව සිටින බව වාර්තා වේ.