ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ඉලක්ක කර ගනිමින් නාරාහේන්පිටදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමේ සිද්ධියක් පිළිබඳව වාර්තා වී තිබේ.

සිද්ධියෙන් හල්ලොලුවගේ මෝටර් රථයට ද හානි සිදුවී ඇති බව ඔවුහු පැවසූහ.

ඒ වන විට ඔහු වාහනය තුළ සිටි බව වාර්තා වන නමුත් කිසිදු තුවාලයක් වාර්තා වී නොමැත.

වෙඩි තැබීම සම්බන්ධයෙන් දැනට පරීක්ෂණ සිදුවෙමින් පවතී.