පසුගිය සඳුදා දින දකුණු කොරියානු ජනපති ලී ජේ මියුං ධවල මන්දිරයේදී ඇමරිකානු ජනපති ඩොනල් ඩොනල් ඩොනල්ඩ් රම්ප් හමු විය. එහිදී දෙරටේ නායකයන් දෙදෙනාගේ කතාබහ මෙන්ම ට්‍රම්ප් ජනපතිවරයාගේ ඉදිමී නිල් පැහැවූ දෑත් වෙත සැණෙකින් මාධ්‍ය අවධානය යොමු විය.
මේ වන විට ඇමරිකානු ජනපති ඩොලර් ට්‍රම්ප් හැත්තෑ නව හැවිරිදි වියේ පසු වෙයි. රූපලාවණ්‍ය ක්‍රමවේදයන් ඔස්සේ ඔහු මාස කිහිපයක් පුරා ඔහුගේ මෙම නිල් පැහැති පෙදෙස් සඟවාගෙන සාකච්ඡාවන්ට එක්ව තිබුණත් මෙවර සාකච්ඡාවේදී ඒවා ඉතා පැහැදිලිව දක්නට ලැබී ඇත.
මෙහිදී ඔහුගේ දකුණු අතෙහි කැපී පෙනෙන පැල්ලමක් දිස්විය.
මේ සම්බන්ධව පෙරදී ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශිකා කැරොලින් ලෙවිට් කියා සිටියේ නිතරම ඔහුට අතට අත දීමට සිදුවන නිසා සහ ඇස්ප්‍රීන් ඖෂධය භාවිතා කිරීම නිසා මෙසේ වී ඇති බවයි.