නඳුන් චින්තක නොහොත් “හරක් කටා” ගෙන් අල්ලස් ලබාගත් බවට සඳහන් පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් ඉදිරි කටයුතු සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට ඔහුගේ නීතිඥවරු සූදානම් වෙති.
මෙම ලැයිස්තුවට පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ නම් ඇතුළත් වන බව නීතිඥවරු පවසති.
අල්ලස් ලෙස මුදල්, පරිගණක සහ ඇපල් දුරකථන ඇතුළු විවිධ ද්‍රව්‍යමය දේවල් ලබාගෙන ඇති බවට සාක්ෂි සහිතව තහවුරු කිරීමට බලාපොරොත්තු වන බවට වැඩිදුරටත් සඳහන් වේ.
එම ලේඛණයට පුද්ගලයන් හත් දෙනෙකු පමණ ඇතුලත් වන අතර ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලීම් කිරීමට නීතිඥවරු අපේක්ෂා කරති.