චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක ලෙස පෙනී සිටිමින් චිත්‍රපටවල රංගන චරිත ඉදිරිපත් කරන බව පවසමින් කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප එකතු කළ බවට චෝදනා ලැබූ 26 හැවිරිදි සැකකරුවෙකු ඇප මත මුදා හැරීමටත්, අධිකරණයේදී සහ මාධ්‍ය හරහා අගතියටපත් අධ්‍යක්ෂවරයාගෙන් සමාව අයැද සිටින ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග, චූදිතට නියෝග කළේය.
අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සයිබර් අපරාධ අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව, නාඳුනන පුද්ගලයෙකු චිත්‍රපට චරිත සඳහා තෝරා ගන්නා බව පවසමින් නිරුවත් ඡායාරූප ඉල්ලා කාන්තාවන් සම්බන්ධ කර ගැනීම සඳහා අධ්‍යක්ෂවරයාගේ නම සහ ඡායාරූපය භාවිතා කරමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ෂණයක් අනුව සැකකරු අධිකරනයට ඉදිරිපත් කරන ලදි.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ඔහුගේ නීතිඥවරයා ප්‍රකාශ කළේ, චෝදනා එල්ල වූ වැරදි පිළිගැනීමට තමා සූදානම් බවත්, අධ්‍යක්ෂවරයාට සිදු වූ අපහාසය සහ නින්දාව සම්බන්ධයෙන් සමාව අයැදීමට කැමැත්ත පළ කළ බවත්, ප්‍රසිද්ධ මාධ්‍ය හරහා සමාව අයැදීමට අපේක්ෂා කරන බවත්ය.
- daily news
කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප එකතු කළ හොර සෝමරත්න දිසානායක අත්අඩංගුවට
By