මෑත කාලීන ව්‍යසනයෙන් පීඩාවට පත් ප්‍රදේශවල, දුරකථන කුළුණු නැවත ගොඩනඟන ස්ථාන යන්හී තිබූ වයර අනවසරයෙන් කැපීම් වාර්ථා වූ අතර, රඹුක්කන පොලිස් වසමේ තල්හේන්කන්ද ප්‍රදේශයේ දුරකථන සම්ප්‍රේෂණ කුළුණක සවිකර තිබූ කේබලයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් රඹුක්කන පොලිසිය ඊයේ (09) එම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්ථා වේ. සැකකරු සතුව තිබූ තඹ වයර් කිලෝග්‍රෑම් 13 කට අධික ප්‍රමාණයක් ද බලධාරීන් විසින් සොයා ගෙන ඇත.
පවතින විශේෂ තත්වය තුල එ වැනි සොරකම් වැඩි වැඩියෙන් නිරීක්ෂණය වී ඇති බව පොලිසිය පැවසීය. මෙම අපරාධ දුරකථන සහ අන්තර්ජාල සේවා කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට බරපතල බාධාවක් බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ.
මහජනතාවගෙන් විමසිලිමත්ව සිටින ලෙස ඉල්ලා සිටින පොලීසිය, දුරකථන කුළුණු අසල සිදුවන ඕනෑම සැක සහිත ක්‍රියාකාරකමක් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට වාර්තා කරන ලෙස පුරවැසියන්ට උපදෙස් දෙනු ලැබේ.
ව්‍යසනය මධ්‍යයේ හොරෙන් වයර් කැපූ අයෙක් අත්අඩංගුවට
By