ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ එක්දින සහ සාමාන්‍ය ගමන් බලපත්‍ර සේවා සඳහා ටෝකන් පත් ජුනි 2 වන සඳුදා සිට බත්තරමුල්ලේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේදී පෙ.ව. 6:30 සිට ප.ව. 2:00 දක්වා ලබා දෙන බවයි.

එක්දින සේවාව සඳහා හමුවීම් වෙන්කරවා ගත් පුද්ගලයින්ට මෙන්ම හදිසි අවශ්‍යතා ඇති අයටද මෙම කාලය තුළ තම අයදුම්පත් භාර දිය හැකි බව පාලක ජනරාල්වරයා පැවසීය.

පෙ.ව. 6:30 සිට ප.ව. 2:00 දක්වා පැමිණෙන සෑම කෙනෙකුටම ටෝකන් පත් ලබා දෙන බැවින්, පෙර දින හෝ රාත්‍රියේ කාර්යාලයෙන් පිටත පෝලිම් වල රැඳී නොසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.


එලෙසම, විදේශ ගමන් බලපත්‍ර සේවා කඩිනම් කිරීම සඳහා කිසිදු තැරැව්කරුවෙකුට හෝ බාහිර පුද්ගලයින්ට මුදල් නොගෙවන ලෙසද එම දෙපාර්තමේන්තුව මහජනතාවට අනතුරු අඟවා ඇත.

නිල නිවේදනයක් නිකුත් තරමින් දන්වා සිටින්නේ, විදේශ ගමන් බලපත්‍ර සඳහා වන සියලුම ගෙවීම් සඳහා නිල රිසිට්පතක් නිකුත් කරනු ලබන ෂ්රොෆ් කවුන්ටරයෙන් පමණක් බවද දෙපාර්තමේන්තුව සඳහන් කළේය.