නිවසේ නිතර නිතර ඇතිවන ප්‍රශ්න හේතුවෙන් සිත් තැවුලට පත් කාන්තාවක් තම බාල වයස්කාර දියණියන් තිදෙනාට වස දී මරා දැමීමේ සිද්ධියක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තානේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
අපරාධය සිදුකළ 27 හැවිරිදි මව අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
සන්ධ්‍යා සන්දීප් බෙරේ නැමැති සැකකාර මව පසුගිය 20 වනදා කෑමට සැකසූ ආහාර වලට වස සහිත පළිබෝධනාශකයක් මිශ්‍රකර එම ආහාර වයස අවුරුදු 05, 08 සහ 10 යන වයස්වල පසුවන ඇගේ දියණියන්ට කෑමට සලස්වා ඔවුන්ව ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම දැරියන්ගේ මරණ සම්බන්ධයෙන් ඊයේ (26) නිකුත් වූ මරණ පරීක්ෂණ වාර්තාවෙන් දරුවන්ගේ සිරුරුවල විෂ ඇති බව තහවුරු වූ බවයි පොලිසිය සඳහන් කළේ.
දියණියන් තිදෙනා රැකබලා ගැනීම දුෂ්කරවීමත් නිවසේ නිතර නිතර ඇතිවන ප්‍රශ්න හේතුවෙනුත් කලකිරීමට පත්ව තමන් මෙම අපරාධයට යොමු වූ බවයි සැකකාර මව පොලිසියට පවසා ඇත්තේ.
දරුවන් ජීවත් කරවන්න බෑ කියා මවක් වස මිශ්‍ර ආහාර දී දරුවන් ඝාතනය කරයි.
By